Sunday, February 13, 2011

ආදරවන්තයින්ගේ දිනය




ආදරවන්තයින්ගේ දිනය
ජිවිතේ මහ පැතුම් සමුදුර
රළ නැගී විත් ප්‍රේම වෙරළට
නතර වි හිද කිරි සිනාදෙයි
කිය කියා ආදරේ අරුමය ..........

(සංකල්පනාව - ශාන්ත කුමාර විතාන)

Friday, February 4, 2011

ආදරණිය බිරිදට සෙනෙහසින් අමතමි ........


දුකේදි හැඩුමට සැපේදි
සිනාසෙන්නට ළග ඉදන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා සොදුරියේ
නුඹයි ඒ අම්මා

( ගායනය ටී.එම් ජයරත්න මහතා)






මා විවාහ වු දින ......

දුකේ දී හඩන්නට සැපේදී සිනා සෙන්නට
තුරැඑ වි හිද ඉකිගසන්නට නොහැක අද මට
මවගෙ තුරැලට පා නගන්නට

ලොවෙහි එන අවමන් චෝදනා විද දරාගන්නට
නොහැකි වු දින
ඇයට කිව නොහැක අද දින

ඉතින් ..........

මහා කුඑණු වලින් සපිරි සුවිසල් මන්දිරයක තුලත්
කිසිවක් කරකියා ගත නොහැකිව දුගී පැලක
අසරණ වු දිනයෙත්
නුඹට හැකිනම් ළගින් ඉන්නට
දුක සතුට ළග අම්මා කෙනෙකු මෙන් ...

මා පියෙකු වනු නොඅනුමානය ......